අසාරේ සාරමතිනෝ…

පිටිදුවේ සිරි ධම්ම හිමි,දැන් සමන්තභද්‍ර තෙරුන්ගේ දේශනා මම මුලින්ම ඇහුවේ ස්වර්ණවාහිනි නාලිකාව ඔස්සේ. ධර්ම දේශනා දෙක තුනක් අහද්දීම මට තේරුනා මේ මනුස්සයා දැනුමෙන් පුර්ණ බව. සාමාන්‍යෙන් විද්‍යාව හා ආගම කියන්නේ එකිනෙකට පරස්පර තල දෙහෙක ගමන් කරන්නාවූ කිසි දිනෙක එකෙනෙක්ට යා නොවෙන විෂයන් දෙකක්. එත් මේ හිමිනම දේශනා කරන බණ අහන ඕනෑම පුද්ගලයෙකුට දැනේවි මෙතුමා ඉතාම සුක්ෂම ලෙසින් ව්ද්‍යානුකුල ධර්මයක් දේශනා කරන බව. තවදුරටත් මෙතුමා කියන ධර්ම දේශනා ශ්‍රවනය කරොත් තේරෙයි, මෙතුමා අන්‍ය ආගමික සංකල්පයන් හරිම සියුම් ආකාරයට තමන් දේශනා කරන බුදු බණ තුළට ඔබන බව.

මගේ මතය අනුව නම් පිටිදුවේ සිරි ධම්ම හිමි නම් මේ පුද්ගලයා හොද මොළකාරයෙක්. එහෙමත් නැතිනම් අංක එකේ ගේම් කාරයෙක්. අද සමාජයේ මිනිසුන් විවිධ කාණ්ඩ වලට බෙදිලා ඉන්නවා දැක ගන්න පුළුවන්, සමාජය එතරම් සංකිර්ණයි. එක කොටසක් දැඩි ආගම්වාදීන්, තවත් කොටසක් විද්‍යානුකුල න්‍යායන් වල අනුගාමිකයෝ, ඒ බෙදුම්වාදය තව තවත් විවිධාකාර ආගම් හා විශ්වාසයන් වලට කාණ්ඩ ගත වෙනවා.අන්න ඒ කාරණාව මෙතුමා ඉතා හොදින් තේරුම් ගෙන තියෙනවා. අන්න ඒ හේතුව නිසා වෙන්නැති මෙතුමා ඒ විශ්වාසයන් සියල්ලම නියෝජනය වන පරිදි බුදුදහම වැනි ඉතාමත් ප්‍රායෝගික දර්ශනයක් පෙරටු කරගෙන නව්‍ය මුහුණුවරකින් තම දහම ජනතාවට ඉදිරිපත් කරන්නේ.

අලුත් දෙයක් වෙළඳපොළට ආවම උණු උණු කැවුම් වගේ නිසා මෙතුමා කවන බුද්ධිමය මාෆියාවේ ගුලිය රස කර කර ගිලින අනුගාමිකයෝ හතු පිපෙනවා වගේ මේ කාලය තුළ බිහිවෙනවා.

එත් බඩුවක් මුට්ටුවක් වගේ නෙවෙයි, ධර්මය, විශ්වාසයන්, ඇදහිලි කියන්නේ විශේෂයෙන්ම ලංකාව වගේ රටක මිනිස්සුන්ට ඉතාමත් ලේසියෙන් එන්නත් කරන්න පුළුවන් පරිචයක්. මෙතුමා කරෙත් අන්න ඒ වගේ වැඩක්. වෙනස කියන්නේ මෙතුමා ධර්මය වානිජකරණය කිරීමේ කලාව නවතම තලයකට ගෙන යාමයි. අන්න ඒ නිසා තමයි මෙතුමා අනිත් වාණිජවාදී ආගම්වෙදින්ට සාපේක්‍ෂව කතා බහට ලක්වෙන්නේ.

බුද්ධිය කියන දේ හැම කෙනෙකු තුළම පහල වෙන්නේ නැහැ. එත් එහෙම පහල වෙන බුද්ධිය යහපත් හා පලදායි යමකට යොමු කරලා ඒ ලබන පලයන් ඔස්සේ ආනිශංස ලබන්න තරම් කසාවත ඇදලත් මෙතුමාට පින නැතිවීම මොනයම් ආකාරයක කර්ම පල දීමක්ද කියලා හිතා  ගන්න බැහැ.සමන්තභද්‍ර තෙරුන්ගේ Reincarnation of the savior album එක දැක්ක ගමන් මට හිතුනේ මෙතුමාට බුද්ධියයි, ධර්මයයි දෙකම overdose වෙලා මනස විකෘති වෙලා කියලා. එත් දුකට කාරණාව නම් මේ විකෘති ධර්මශ්‍රවණය කරන විකෘති අනුගාමික සමාජයක් බිහිවීමයි.

16992389_1831267897090484_7985738201626421620_o

අනික්කසාවෝ කසාවං
යෝ වත්තං
පරිදහෙස්සති
අපෙතෝ දම්සච්චෙන
න සෝ කාසාව මරහති

(කෙලෙස් කසට සහිත වූ, ඉන්ද්‍රිය දමනයෙන් හා ඇත්ත කීමෙන් ඉවත් වූ යමෙක් කසාවත් හන්දින්නේද, හෙතෙම එම කසාවත දැරීමට සුදුස්සෙක් නොවේ.)

කසාවත හැඳි හිමිනමක් වීමට සුදුස්සා කවුරුන්ද යන්න ගෞතම බුදුන් අර්ථ නිරුපනය කරේ ඔන්න ඔය විදියට. ගෞතම බුදුන් වෙන්න කලින් රාජ කුමාර සිද්ධාර්ථ, විවාහය සුන්දර යශෝධරාවට. මොනවයින් අඩුවක්ද? සම්පත් අතනොහරින්න එතුමා හට චක්‍රවර්ති මහරජ කෙනෙකු හැටියට ඉතිහාස ගත වන්නට තිබුනා . සියල්ල අතහැරීම තුල නිවනට යන මග ඉගැන්වූ බුදුරදුන් ලෞකිකත්වය ලෙව කන මෙවන් පුද්ගලයෙකු තුලින් නැවත උපදිවී කියලා කවුරුන් හෝ විශ්වාස කරනවා නම් එවන් වූ පුද්ගලයන්ගේ පුර්ව ළමා විය සංවර්ධනය වී නොමැති බවට නිගමනය කිරීම විනා වෙන කුමක් නිගමනය කරන්නදැයි මම නොදනි.

කොසොල් රජතුමා දුටු සිහින 16 අතර වූ එක් සිහිනයක් සත්‍ය වීමක් ලෙස සමන්තභද්‍ර තෙරුන්ගේ නාටකය කදිම ලෙස උපුටා දක්වාලිය හැකි සංසිද්ධියක් .
ඔන්න දවසක් කොසොල් රජතුමා හිනයක් දැකලා ඒ හීනයේ තේරුම මොකක්ද කියලා දැනගන්න බුදුරජාණන් වහන්සේ හට හීනය පැහැදිලි කරනවා.

“භාග්‍යවතුන් වහන්ස, මේකත් අමුතුම හීනයක්! ඉතාමත් වටිනා සඳුන් කොටයක් පිළුණු වූ දුගඳ හමන මෝරු කළයකට හුවමාරු කරනවා මම දුටුවා.”

ඒකට පිළිතුර හැටියට එතුමා මෙසේ පවසනවා ;

මහා රජතුමනි, අනාගතයේ මගේ සාසනයේ බොහෝ භික්ෂුන් ලාභ සත්කාර අපේක්ෂාවෙන් ධර්මය දේශනා කරනවා. පස්කම් දරා ගැනීම සඳහා සිවුරු දරනවා. මෙසේ ශාස්ත්‍රවරුන්ගේ ධර්මය ලාභයට මුදලට යටත් කිරීම මේ සිහිනයේ අනාගත ප්‍රථිපලයයි.”16904691_1831269257090348_8449006635654256711_o

හොරු අතරේ පිටිදුවේ සිරි ධම්ම හිමි නම් මේ පුද්ගලයා තවත් එක් හොරෙක් විතරයි. එත් වටිනා බුද්ධියකින් යුක්ත හොරෙක්. දුකට කරුණ නම් සත්‍යවශයෙන්ම තම විද්‍යාත්මක දැනුම, වාග් කෞශල්‍ය හා බුද්ධිමය කුසලතාවන් උපයෝගී කොට ගෙන සත්‍යවශයෙන්ම සමාජයට යහපතක් කිරීමට හැකියාවක් තිබියදීත් මෙලස උමතුව නොමග යාමයි

කුසෝ යථා දුග්ගහිතෝ
හත්ථමෙවනුකන්නති,
සාමඤඤන්
දුප්පරාමට්ඨන්
නිරයායු පඤඤවඩති

(යම්සේ [හුලස් අතට වැදෙන සේ] වරදවා අලවා ගත කුස තණ ගස අත කපයිද , එ මෙන් සිල් බිදිමින් වැරදි සේ කරන මහණකම ඒ පුද්ගලයා නරකයට ඇද දමයි)

පවට පින් දිය නොහැක. බුදු දහම උගත් පුද්ගලයෙකු ලෙසට ඔහු ගෙන යන්නාවූ මෙම මංකොල්ලය බලා සිටීම මා හට නම් පිලිකුලකට වඩා එහා ගිය දුකකි. මන්දයත් වටිනාකමකින් යුත් යමක් ලොවට දායාද කළ හැකි අයෙකු එය අයුතු ලෙස හසුරුවමින් තව සියක් දහසක් දෙනා ඒ පවට හවුල් කර ගන්න නිසාවෙනි. ඔහු මර්ධනය කල නොහැක. මන්දයත් ආගම ඔහු පලිහක් කොට ගෙන ඇති අතර බුද්ධිය සිය ආයුධය කොට ගෙන ඇති බැවිනි. මා හට නම් එය න්‍යෂ්ටික  අවියකට එහා ගිය දරුණු භයංකර විනාශකාරී  එකතුවක් තවත් නොමැති තරම්ය. උමතුවෙන් වියරුවූ බුද්ධිය නම් සුළු කොට තැකිය යුත්තක් නොවේ.

මේ ගැන එකම බලාපොරොත්තුව, සමන්තභද්‍ර තෙරුන්ද ඒ පසුපස යන උවැසු උවැසියන්ද “ලාභ උපදවන මාර්ගය හා නිවන් යන මග එකිනෙකට වෙනස් බව” (අඤ්ඤා හි ලාභූපනිසා, අඤ්ඤා නිබ්බාණගාමිනී) වටහා ගනිත්වායි යන්න යි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s