මුතු ඇටයක කතාව!

කෙනෙක් කියාවි සාම්ප්‍රදායිකයි කියලා , තව කනෙක් කියයි ට්‍රෙන්ඩ් එකෙන් ඈත් වෙලා කියලා. එතකොට තව සමහරු කියයි ආච්චිලා ගේ ටේස්ට් එකක් නේ කියලා. විසි එක වෙනි සියවසේ ආභරණ ජාති නම් ඕන තරම්. එක එක මොඩලයේ ආභරණ. එත් කවුරු කොහොම මොනවා කියුවත් මගේ මනාපය හැමතිස්සෙම වගේ තිබුනේ මුතු ඇට වලට.

කොයි කවුරුත් ආභරණ පළදින්නේ එක්කෝ එකේ වටිනාකම මත පදනම්ව, එහෙමත් නැතිනම් ඒ මගින් තමාට ලැබෙන සුන්දරත්වය මත. එත් මගේ හිත මුතු අල්ලපු ආභරණ වල නතර වෙන්නේ ආයාසයකින් තොරව. එකට පොඩි හේතුවක් වගේම ලස්සන කතාවකුත්   තියෙනවා.

මුතු ඇට මිනිස් ඇස ගැටෙන්නේ මීට වසර ගනනාවකට පෙර වෙරල තීරය මත ආහාර සොයන්නට ගන්න උත්සාහයක ප්‍රතිපලයක් හැටියට. ඈත අතීතයේ ජපන් ජාතිකයන් විශ්වාස කරේ මුතු ඇට හැදෙන්නේ දේව දුතයන්, දිය කිඳුරියන් වගේ මනුස්ස ලෝකයට අයත් නොවන බලසම්පන සත්වයන්ගේ කඳුළු බිංදු වලින් කියලා. එතකොට ටහිටියානු විශ්වාසයට අනුව ටහිටියානු මුතු ඇට වල උපත සිදු වෙන්නේ සාමය හා ගර්භනිත්වයේ අධිපති ඔරෝ කියන දෙවිවරයා දේදුන්නක නැගිලා පොලිනිසියානු වැසියන්ට උෆි කියන අපුර්ව මුතු බෙල්ලා තෑගී කරන්නට පැමිණි අවස්ථාවේදී ලු. ඔරෝ දැක්කලු දේදුන්නේ වර්ණ රැගත් ලස්සනම ලස්සන මුතු ඇටයක් උෆි තුළ ජනිත වෙලා තියෙනවා. ඔහු ඒ මුතු ඇටය බෝරා බෝරා නම් කුමාරිකාවට තම ප්‍රේමයේ මතක සටහනක් ලෙසට තෑගි කරාලු. ටහිටියානු මුතු ඇට දුර්ලභ වගේම ඉතා ඉහළ වටිනාකමකින් යුක්ත වන්නේ මේ නිසා කියල තමයි මිත්‍යාවේ නම් සඳහන.

70242

ටහිටියානු මුතු ඇට

චීන මතයට අනුව නම් මුතු ඇට මකරුන්ට අයිති වස්තුවක්. මකරුන්ගේ රූප දිහා අපි හොදින් බැලුවොත් අපිට පෙනේවි ඔවුන් ගෝලාකර, අමුතු දිස්නේකින් යුක්ත වස්තුවක් සුරකින ආකාරය. චීන මිත්‍යාවට අනුව මුතු ඇට කියන්නේ උසස් මනසක හා බුද්ධියක සංකේතයක්. මකරුන්ගෙන් සංකේතවත් වන්නේත් එයමයි.

drag3

ඇත්තටම මුතු ඇට හරිම අපුර්ව වතුවක්. ඒ නිසාම ඒ වටා මෙතරම් විශ්මයජනක, රසබර කතාන්තර ගොඩ නැගීම සම්බන්ධයෙන් මම පුදුම වෙන්නෑ. එත් මේ හැම කතාවක්ම මත මත පදනම් වූ කතාන්තර. යථාර්තය මීට වෙනස්. එත් ඒ කතාත් මේ තරම්ම අපුර්ව මෙන්ම විශ්මයජනකයි. බෙල්ලා කියන්නේ හරි අපුර්ව සත්වයෙක්. මුතු බෙල්ලෙක්ට පුළුවන් තමන්ගේ ලිංගය මාරු කරගන්න. කාලෙකදී පුරුෂ  ලෙසත් පසු කාලීනව ස්ත්‍රී ලෙසත් මාරු වීමේ අරුම පුදුම හැකියාවක් මුතු බෙල්ලෙක් සතුයි.

මුතු ඇට කොයිතරම් මිලද? වැලි කැටයක් වගේද මුතු ඇටයක් මම අහන්නේ? අහ් නැද්ද ?එත් ඇත්ත කතාව නම් මුතු ඇටයක උපත වෙන්නේ වැලි කැටයක්. එහෙමත් නොමැති නම් දුවිලි අංශුවක්. අනික ජීවි සත්වයෙක්ගෙන් ලබා ගන්න එකම මැණික් වස්තුව මුතු ඇටයක් වීම තවත් විශේෂත්වයක්.

බෙල්ලාගේ ඇ තුල හරිම මෘදුයි, ඒ වගේම මොලොක්. ඔන්න ඕක අස්සට වැලි කැටයක්, දුවිලි අංශුවක් රිංග ගත්තම තමා  වැඩේ පටන් ගන්නේ. ඉතින් බෙල්ලාගේ ඇතුලට මේ බාහිර, වැදගැම්මකට නැති අංශුව රිංග ගත්තම බෙල්ලට වේදනාවක් දැනෙනවා, ඒ දැනෙන වේදනාව තරමකට අඩු කරගන්න බෙල්ලා “nacre” කියලා ද්‍රාවණයක් ඒ පීඩාකාරී වස්තුව වටා නිකුත් කරනවා. බෙල්ලට වේදනාව දැනෙන්න දැනෙන්න මේ ද්‍රාවණය වරින් වර නිකුත් කරනවා. ස්වභාවිකව මුතු ඇටයක් වර්ධනය වෙන්න අවුරුදු 15-20 වත් යනවා. ඒ කියන්නේ මුතු බෙල්ලෙක් අවුරුදු 15-20ක කාලයක් පුරාවට වේදනාව විඳින්නේ මෙන්න මේ අවසන් ප්‍රතිපලය වෙනුවෙන්.

මම දකින විදියට මුතු ඇටයක් මැණිකක් වගේ නෙවෙයි. මොකද මැණිකක් තව කෙනෙක් විසින් ගොඩ අරන්, ඔප මට්ටම් කරලා ගත්තම තමයි එකේ වටිනාකම. එත් මුතු ඇටයක් එහෙම නෙවෙයි. දිගු කාලයක්, තමන්ම, තමන්ට අයිති වත් නැති, ප්‍රර්ථනාවත් නොකරපු වැදගැම්මකට නැති දෙයක වේදනාව දරාගෙන, තමන් විසින්ම අන්තිම ප්‍රතිපලය  ලෙසට සර්ව සම්පුර්ණ , අදහා  ගැනීමටවත් නොහැකි අමිල වස්තුවක් තනිවම පරිපුර්ණ ලෙස ජනිත කරනවා.

අනික කිසිම මුතු ඇටයක් තවත් මුතු ඇටයකට සමාන වෙන්නෑ. හරියට මනුස්සයෙකුට ඒ කෙනාගේ ඇඟිලි සලකුණ වගේ. ඒ වගේම මුතු ඇටත් එකිනෙකට වෙනස්. මුතු ඇට කවදාවත් සර්ව සම්පුරණ නිමැවුමක්  වෙන්නේ නැහැ.. හරියට මිනිස්සු වගේ. කිසිම මනුස්සයෙක් පරිපුර්ණ වෙන්නේ නෑ. එත් එහෙමයි කියල වටිනාකම අඩුවෙන්නෙත් නැහැ.

මුතු ඇටයකට ආරෝපණය කළ හැකි, ගැබ් කළ හැකි හැඟීම් මුල්‍යමය වටිනාකමින් ඔබ්බට ගිය එකක්. අන්න ඒ නිසාම තමයි සමහරවිට මම එකේ ගැඹුරු වටිනාකමක් දකින්නේ. අද කාලේ බහුතරයකට කැස්සක් හෙම්බිරිසවක් හැදුනත් දරාගන්න බැහැ. ඒ අතර මම කල්පනා කරේ අවුරුදු 15-20 එක මුතු ඇටයකට වේදනා විඳින මේ බෙල්ලට කොහොමට ඇතිද කියලා.

වේදනාව,ඉවසීම, කාලය, දරාගැනීම කොයි තරම් නම් වටිනවද, කොයි තරම් නම් සුන්දරද කියලා මම ඉගෙන ගත්තේ බෙල්ලෙක් දිහා බලලා.ස්වභාවධර්මය හරි අපුරුයි. බලන්න, විඳින්න අපිට කාලය නොමැති වුනාට මොකද, හරියට බැලුවොත් ස්වාභාවධර්ම හෝමෝ සේපියන් සේපියන්ලට උගන්වන දෑ එමටයි.

ලස්සන කතාවක් ඇතුලෙත් ඉගෙන ගන්න පුළුවන් දේවල් බොහොමයි. අන්න ඒ නිසාම මෙන්න මේ ටිකත් නොලියුවොත් මේ කතාව අසම්පුරණයි .සමහර වෙලාවට ජිවිතේ තේරුම් ගන්න බැරි තැන් මුණ ගැහුනම සවභාවධර්මය දිහා බලන්න, බලලා ජිවිතේ තේරුම් ගන්න මට උගන්නපු ඒ ගුරු දෙගුරුන්ට මම පිං දෙනවා. ඉතින් මට හිතුනා මම ඉගෙන ගත්තු දේ බදාගෙන කනවට වඩා බෙදා ගෙන කද්දී රස වෙයි කියලා. යමක් දිහා බලලා ඉගෙන ගන්නේ කොහොමද කියන තැන තමයි මගේ ගමනාන්තය. ඉගෙන ගන්නේ මොනවද, ඉගෙන ගන්නවද නැද්ද කියන ගමන අපි තනිව යා යුතු ගමනක්.

ඔබත් මමත් මුතු බෙල්ලෝ. අන්න ඒ නිසා මුතු ඇටයක් පරිපුරණ නිමාව ඔබටත් මටත් උරුමයි. උරුමයට හිමිකම් කීම මට මෙන්ම ඔබටත් බාරයි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s